slidenewstaff 2026newyear

Youtube චැනලය ජනගත කිරීම

අප ආයතනය විසින් සේවාලාභීන් වෙනුවෙන් දියත් කරනු ලැබූ නවතම Youtube චැනලය ජනගත කිරීමේ කෙටි උත්සවය ගරු දකුණු පළාත් ආණ්ඩුකාර තුමාගේ ප්‍රධානත්වයෙන් හා ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් මැතිතුමාගේ සහභාගීත්වයෙන් ඇතුළු සෙසු නිලධාරීන් සමඟින් 2025.10.02 දින පැවැත්විණී. එම අවස්තාවේදී සමුපකාර සේවක කොමිෂන් සභාවේ සුභ සාධක සංගමය මගින් දිනුම් අදිනු ලැබූ ටිකට් පත්‍රෙය් ජයග්‍රාහකයින්ද තෝරා පත් කර ගැනීම සිදු විය.  එහි ඡායාරූප සඳහා මෙහි ක්ලික් කරන්න. 

සමුපකාර අංශයේ නීති නිලධාරීන්ගේ සංචිතය පුළුල් කිරීම සඳහා පුහුණු වැඩසටහනක්

 

සමුපකාර අංශයේ නීති නිලධාරීන්ගේ සංචිතය පුළුල් කිරීම සඳහා 2025 ජුනි 23, 24 සහ 25 යන දිනවල වක්වැල්ල MDTI හිදී දින තුනක පුහුණු වැඩමුළුවක් පැවැත්විණි. මෙම වැඩසටහනේ සම්පත්දායකයා වූයේ ප්‍රවීණ සමුපකාර වෘත්තිකයෙකු සහ නීතිඥයෙකු වන ඒ.බී. බුලත්ගම මහතා ය (සමුපකාර අධ්‍යාපනයේ පුරෝගාමී කතුවර).