slide2 poson3 slideN7 slideN8

ඉතිහාසය

දියුණුවේ විකාශනය

ගාල්ල, පෙට්ටිගලවත්ත දිස්ත්‍රික් සමූපකාර මණ්ඩල ගොඩනැගිල්ලේ කුඩා කාමරයක ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය 05 කින් සමන්විතව 1991.10.01 දින මෙම කාර්යාලය ආරම්භය විය.

 

පසුව වර්තමානයේ හෝල් දි ගෝල් ශාලාව පිහිටි පැරණි ගොඩනැගිල්ලේ කාර්යාලය පවත්වා ගෙන ගොස් ඇති අතර 2004.12.26 දින සුනාමි ව්‍යසනයට අසුවීමත් සමඟ කාර්යාලයේ සියලු දේපල හා ලිපි ගොනු විනාශ විය. සමිති වලින් ලද පරිත්‍යාග හා උපකාර මත ලීබඩු හා උපකරණ ලිපි ලේඛන සකස් කර ගනිමින් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පහළ මාලයේ ඉතා කුඩා බිම් කොටසක දැඩි දුෂ්කරතා මත මෙම කාර්යාලය නැවත ස්ථාපිත කර පවත්වා ගෙන යන ලදී.

 

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය කටයුතු පුළුල් කිරීම නිසා එම සංකීර්ණයෙන් කාර්යාලය  ඉවත්වීමත් සමඟ එවකට සමූපකාර සේවක කොමිෂන් සභාවේ ලේකම් ලෙස කටයුතු කළ පී.එදිරිසිංහ මහත්මියගේ මැදිහත් වීම මත දැනට කාර්යාලය පවත්වා ගෙන යන ප්‍රධාන ලේකම් කාර්යාලයට අයත් කුඩා කොටසක කාර්යාලය පවත්වා ගෙන යාමට ඉඩ වෙන් කර ගන්නා ලදී.

 

ඉන්පසු පිළිවෙලින් ලේකම්ධූර දැරූ මහත්ම මහත්මීන්ගේ දැඩි කැපවීම හා උනන්දුව මත වර්තමානයේ කාර්යාලයේ ඇති භෞතික හා මානව සම්පත්වල අභිවෘද්ධිය ලඟාකර ගැනීම සඳහා ප්‍රතිපාදන වෙන්කරවා ගැනීමට හැකියාව ලැබුණි.

 

සඳහා 2013 වසරේදී කාර්ය මණ්ඩලය 11 ක් දක්වා වැඩිකර ගැනීම විශේෂිත වේ. ඔවුන් සියලු දෙනාගේ කැපවීම මත ඉලක්කගත අරමුණු සාර්ථක වීම නිසා 2015 වසරෙන් පසුව ඵලදායීතා තරඟයට ඉදිරිපත් වීමත්, 2015 වසරේ සිට ආරම්භ වූ පාර්ලිමේන්තු ගිණුම් කාරක සභා  තරඟාවලියට අවතීර්ණ වීමත් නිසා මෙම කාර්යාලය පහත සම්මානවලින් පිදුම් ලැබීම සුවිශේෂී වේ.

 

2015 - ඵලදායීතා කුසලතා සම්මානය

2015 - පාර්ලිමේන්තු ගිණුම් කාරක සභා Online වැඩසටහන යටතේ රිදී සම්මානය

2016 - පාර්ලිමේන්තුවේ ගිණුම් කාරක සභා විශේෂ කුසලතා සම්මාන

2017 - පාර්ලිමේන්තුවේ ගිණුම් කාරක සභා රිදී සම්මාන

2016/2017 - ඵලදායීතා විශේෂ කුසලතා සම්මානය

 

2018 - පාර්ලිමේන්තුවේ ගිණුම් කාරක සභා රිදී සම්මාන 

ආයතනික පසුබිම

මෙම කාර්යාලයේ කටයුතු යාවත්කාලීන කර ගැනීමට බාධාවක් පැවති ක්‍රියාත්මක  1998 අංක 01 දරණ ප්‍රඥප්තිය වෙනුවට  දකුණු පළාත් සභාවේ 2019 අංක 05 දරණ නව ප්‍රඥප්තිය 2019.04.09 දින සම්මත කර ගැනීමට හැකි විය. සමස්ත සමූපකාර ප්‍රජාවගේ අභිවෘද්ධිය සැලසීම සඳහා නව සුදුසුකම්  රෙගුලාසි මාලාව කෙටුම්පත් කර අවසන් කර ඇති අතර, ඉදිරියේදී එම කටයුතු නෛතිකව අවසන් වූ පසු සමස්ථ සමූපකාර ප්‍රජාවගේ අභිවෘද්ධිය ලඟාකරගැනීම අපගේ ඒකායන බලාපොරොත්තුව වේ. දකුණු පළාත් සමුපකාර සේවකයින් බඳවා ගැනීමේදී දශක 04 කට ආසන්න කාලයක සිට භාවිතා 

 

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් අංක 154 දරණ ව්‍යවස්ථාව යටතේ ශ්‍රී ලංකාව තුළ බලය විමධ්‍යගත කිරීමේ අරමුණින් පළාත් සභා ස්ථාපිත කරන ලදි. ඒ අනුව 1987 වර්ෂයේදී අංක 42 දරණ පළාත් සභා පනත යටතේ 1988 ජුනි 02 වන දින පැවැත් වූ පළාත් සභා මැතිවරණයෙන් අනතුරුව 1988 ජුනි 13 වන දින දකුණු පළාත් සභාව ස්ථාපිත කරන ලදි. එකී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංග්‍රහයේ නව වන උපලේඛණයේ 1 වන ලැයිස්තුව වන පළාත් සභා ලැයිස්තුවේ 17.3 අනුව දකුණු පළාත් සමූපකාර සේවක කොමිෂන් සභාව මුල් වරට 1991.10.01 දින සිට ස්ථාපිත වූ අතර, මේ වන විට මෙම කොමිෂන් සභාව ගාල්ල, එස්.එච්.දහනායක මාවත, සැලසුම් ලේකම් කාර්යාලීය ගොඩනැගිල්ලේ 1 වන මහලෙහි ස්ථාපිත කර ඇත. දකුණු පළාත් සභාවේ 1998 අංක 01 දරණ ප්‍රඥප්තියට අනුව දකුණු පළාත් සභාවේ සමූපකාර විෂය භාර අමාත්‍යවරයා විසින් කොමිෂන් සභාවේ සාමාජිකයින් තිදෙනා පත් කරනු ලබන අතර එක් සාමාජිකයෙකු සභාපතිවරයා ලෙස ගරු සමූපකාර භාර අමාත්‍යවරයා නම් කර ඇත. මෙම කොමිෂන් සභාවේ කටයුතු වඩාත් යාවත්කාලීන කිරීම සඳහා දකුණු පළාත් සභාවේ 2019 අංක 05 දරණ නව ප්‍රඥප්තිය 2019.04.09 දින සිට සම්මත කර ඇත.

 

ආයතන ප්‍රධානියා ලෙස කොමිෂන් සභාවේ ලේකම් කටයුතු කරන අතර, පරිපාලන නිලධාරී ඇතුළු නව දෙනෙකුගෙන් යුතු කාර්ය මණ්ඩලයක් මෙහි සේවය කරනු ලබයි. ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරී, සංවර්ධන නිලධාරී තිදෙනෙක්, කළමනාකරණ සේවා නිලධාරී තිදෙනෙක් රියදුරු හා කාර්යාල සේවක සේවයේ එක් අයෙකු කාර්ය මණ්ඩලයට අයත් වේ.