slidenewstaff 2026newyear

පරමාර්ථ හා අගයන්

 පරමාර්ථ

  • සමූපකාර සමිති සඳහා අනුමත පිරිස්බල තක්සේරුව අනුව සුදුසුකම් සහිත සමූපකාර මානව ප්‍රජාවක් සේවයේ යොදවා ගැනීම. 
  • සේවක අයිතිවාසිකම් හා වරප්‍රසාද සුරක්ෂිත කිරිම 
  • සේවක ගැටළු සඳහා අදාල සමූපකාර සමිතිය තුළින් විසඳුම් ලබා දීමට හැකි තත්වයක් ඇති කිරීම.
  • අප කාර්යාලයේ මෙන්ම සමූපකාර සමිතිවල යහපාලනය ඇති කිරීම.
  • සමුපකාර  සේවක කටයුතු සඳහා තොරතුරු තාක්ෂණය යොදා ගැනීම.
  • මහජන හිතෛෂී රාජ්‍ය සේවයක් ඇති කිරීම සඳහා මානව සම්පත් කළමනාකරණය හා සංවර්ධනය.
  • කාර්යාල කළමනාකරණය හා යටිතල පහසුකම් සංවර්ධනය.
  • තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම.
                                                           අගයන්
1.  නව්‍යකරණය   

කාලීන අවශ්‍යතාවය අනුව කාර්යාලයීය කටයුතු සඳහා උපරිම පරිගණක තාක්ෂණය යොදා ගනිමින් නව්‍යකරණය වු අභිමානවත් සමූපකාර සේවයක් ඇති කිරීම.

2.  සත්‍යගරුක වීම   සත්‍යවාදීව කටයුතු කිරීම තුළින් තෘප්තිමත් සමූපකාර සේවක ප්‍රජාවක් ඇති කිරීම සඳහා ස්වාධීන ආයතනයක් වීම.
3.  ආදර්ශවත්  වීම අනුකරණයෙන් තොරව ක්‍රියාකාර ඉම් ලකුණු සනිටුහන් කරන ආදර්ශවත් ආයතනයක් වීම.
4. සාමූහිකත්වය සාමූහිකත්වයෙන් කටයුතු කර තිරසාර හරිත පරිසරයක් ඇති කිරීම.
5.  නීතිගරුක වීම නීතියට හා සමුපකාර ප්‍රතිපත්ති වලට ගරු කිරීම .
6.  අවංකභාවය  රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව සේවාලාභියා අමන්දානන්දයට පත් කිරීම සඳහා අවංකභාවයෙන් කටයුතු කිරීම.